සැඟවී සිටි යෝෂිතගේ චන්ඩි මිතුරන් අත්අඩංගුවට.!

රාත්‍රී සමාජ ශාලාවක (Night Club) සිදුවූ පහරදීම සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි බව කියන පුද්ගලයින් 04 දෙනෙකු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි බව කියන පුද්ගලයින් 04 දෙනෙකු පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සදහන් කරයි.

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ යූනියන් පෙදෙස, පාක් වීදියේ රාත්‍රී සමාජ ශාලාවකට තවත් කිහිපදෙනෙකු සමඟ ගොස් ඇති අතර එහිදී හඳුනාගැනීමේ අත් පළඳනාව පැළඳීම ප්‍රතික්ෂේප කිරීමත් සමග අනෙක් පුද්ගලයින් එහි ආරක්ෂක නිලධාරියාට පහරදී ඇත.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මීට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය සිදු කළ අතර මේ වනවිට එම විමර්ශන කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාශයට භාරදී ඇත.

Loading

One Comment

(Hide Comments)
  • අසොක සොමතිලක

    March 27, 2025 / at 3:07 am

    චන්ඩි කමට බෙහෙත් දෙන්නම ඕනෙ.

Leave a reply

Loading Next Post...
Search
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...