බිරිඳට රිදවන්න සොළොස්වස් දියණියගේ ගෙල කැපූ නරුම පියෙක්.!

විදේශගත බිරිඳ සමඟ දුරකථනයෙන් බහින්බස්වීමක් සිදුවීමෙන් අනතුරුව ඇති වූ පවුල් ආරවුලක් මත 29 රාත්‍රී පියා වයස අවුරුදු දොළහක් වන දියණියගේ ගෙල කපා බරපතල තුවාල සිදුකර පියාද සියතින් ගෙල කපාගෙන බරපතළ තුවාල ලැබීමෙන් පසුව දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව ලියංගහවෙල පොලිසිය පැවසීය.

කොස්ලන්ද පෙට්ටිගල මහකන්දවත්ත ප්‍රදේශයේ පදිංචි පියා සහ දියණිය මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා තිබේ.

වයස අවුරුදු හයක් වන තවත් පිරිමි දරුවකු මෙම නිවසේ සිටින බවද පොලිසිය පැවසීය.

ආර්ථික අපහසුකම් පැවැති බැවින් මීට අවුරුද්දකට පමණ පෙර බිරිඳ විදේශ රටක රැකියාවක් සඳහා ගොස් ඇති බවද ටික කලකට පසු නිතර මොවුන් දෙදෙනා දුරකථනයෙන් ආරවුල් ඇති කරගන්නා බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පැවසීය.

වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ පියා ඉතා අසාධ්‍ය තත්වයෙන් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි.බණ්ඩාරවෙල ලියන්ගහවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments