පුංචි අයවැය අද පාර්ලිමේන්තුවට.!

2025 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එහි දෙවන වර කියවීම පෙබරවාරි මස 17 වන දිනත්, දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරී මස 18 සිට පෙබරවාරි මස 25 වන දින දක්වාත් පැවැත්වෙන අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25 වන දින පස්වරුවේ පැවැත්වෙනු ඇත.

ඉන් පසු පෙබරවාරී මස 27 සිට මාර්තු මස 21 වන දින දක්වා කාලය තුළ කාරක සභා අවස්ථාව විවාදය හෙවත් අයවැය තෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර එහි ඡන්ද විමසීම මාර්තු මස 21 වන දින පස්වරුවේ පැවැත්වෙනු ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.