By unusuma.lk on
(LK time)රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය වන්දන අබයරත්න මහතා පවසන්නේ, මෙවර පැවැත්වෙන 77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීට තීරණය කළ බවයි.
මෙවර නිදහස් දින සැමරීම් උත්සවය සඳහා ආරාධිතයින් 1600 ක් පමණ සහභාගී වීමට නියමිත බවත් උත්සවය මහජනතාවට නැරඹීම සඳහා අවස්ථාව ලබාදීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි උත්කර්ෂවත් අයුරින් සහ වියදම් අඩු කරගනිමින් මෙවර නිදහස් උළෙල පැවැත්වීමට රජය තීරණය කර ඇති බවද ස්වදේශ කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද පැවති 77 වන ජාතික නිදහස් දින සැමරුමේ ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමේදී සාකච්ඡා විය.