කාලගුණය කැළඹෙයි.. ප්‍රචණ්ඩකාරී සුළි කුණාටු කිහිපයක්.!

කාලගුණ විපර්යාස හේතුවෙන් අත්ලාන්තික් සුළි කුණාටු සමයේදී වඩාත් ප්‍රචණ්ඩකාරී සුළි කුණාටු වාර්තා විය හැකි බව අමෙරිකානු ජාතික සාගර සහ වායුගෝලීය අධිකාරිය සදහන් කරයි.

සාමාන්‍යයෙන් අත්ලාන්තික් සුළි කුණාටු සමය ආරම්භ වන්නේ ජූනි පළමු සතියේ වන අතර මෙවර කුණාටු සමයේදී කුණාටු 25කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව අමෙරිකානු ජාතික සාගර සහ වායුගෝලීය අධිකාරිය සදහන් කරයි.

එම කුණාටු අතරින් 85% ක් පමණ සාමාන්‍ය ප්‍රමාණයට වඩා ප්‍රචණ්ඩකාරී වනු ඇති බවත් කුණාටු 7ක් පමණ තෙවන මට්ටමේ හෝ ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩකාරී කුණාටු වනු ඇති බවද එම අධිකාරිය සදහන් කරයි.

කෙසේ වෙතත් කුණාටු හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වන්නේ කවර රටවලටද යන්න තවමත් පුරෝකතනය කළ නොහැකි බවද එම අධිකාරිය සදහන් කරයි.

Loading