දිස්ත්‍රික්ක රැසක පාසැල් හෙට දිනයේද නොපැවැත්වේ.!

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක සහ කලාප කිහිපයක රජයේ පාසල් හෙට (04) දිනයේද වසා තැබීමය රජය තීරණය කර තිබේ.

එම නම්කරන ලද පළාත්, කලාප සහ දිස්ත්‍රික්ක හැර අනෙකුත් පාසැල් හෙට දින සිට සාමාන්‍ය පරිදි පැවැත්වීමටත් තීරණය කර ඇති බව වාර්තා වේ.

හෙට දිනයේ පාසැල් වසා තැබෙන දිස්ත්‍රික්කය, කලාප සහ පළාත් පහතින් දැක්වේ.

1) සබරගමුව පළාත‍

රත්නපුර දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්, කෑගල්ල දිස්ත්‍රික්කය – සියලුම පාසල්

2) දකුණු පළාත

ගාල්ල දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්, මාතර දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්

3) බස්නාහිර පළාත

කළුතර දිස්ත්‍රික්කය – සියලු‍ම පාසල්, කොළඹ දිස්ත්‍රික්කය – හෝමාගම කලාපය

අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්, එච්. ටී. කුෂාන් සමීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉහත සඳහන් කර නොමැති සියලු පළාත්වල සහ දිස්ත්‍රික්කවල පාසල් සාමාන්‍ය පරිදි හෙට දින පැවැත්වෙන බවයි.

හෙට දිනයෙන් පසුව ගන්නා තීරණයන් පිළිබඳ නිවේදනයන් පසුව ලබාදෙන බවද ලේකම් වරයා ප්‍රකාශ කළේය.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close