ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලකුණු 13කින් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 115ක් රැස්කරගැනීමට සමත් විය.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 05ක් අවසානයේ සියලුම දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 102ක් පමණි.
ඒ අනුව ලකුණු 13ක තියුණු ජයක් වාර්තා කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය.