“ඊශ්‍රායලයට කිසිදු සමාවක් නෑ.. වන්දි ගෙවන්න සූදානම් වෙන්න” ඉරානය අනතුරු අඟවයි.!

හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය කිරීම ඉරානයට එල්ල වූ අතුල් පහරක් බැවින් එම ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බව ඉරාන ජනාධිපති මධ්‍යස්ථමතධාරී මසූඩ් පෙසෙෂේකියන් සදහන් කරයි.

නායක හසන් නසරැල්ලා ඝාතනය කළ ඊශ්‍රායලය වන්දි ගෙවීමට සුදානම් වන ලෙසත් නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට කිසිදු සමාවක් ලබාදෙන්නේ නැති බවද ඉරාන ජනාධිපතිවරයා සදහන් කරයි.

මෙම ඝාතනය ඊශ්‍රායලය සමග ඇති විරසකය තවත් ඉදිරියට ගෙන යෑමක් බවත් ඊශ්‍රායලයට එරෙහිව මුස්ලිම් සියලුම දෙනා එක් විය යුතු බවද ඉරාන ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මේ අතර හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසුව හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.

නසරැල්ලාගේ අනුප්‍රාප්තිකයා වනු ඇත්තේ හසීම් සෆිද්දීන් සහ නයීම් කසීම් යන දෙදෙනාගෙන් අයකු වන අතර හසීම් සෆිද්දීන් හිස්බුල්ලා සංවිධානයේ උත්තරීතර මණ්ඩලයේ ප්‍රධානියා බවත් නයීම් කසීම් එම සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.