By unusuma.lk on
(LK time)සුරා බුදු කොමසාරිස් ජනරාල් එජ්ජේ ගුණසිරි මහතා පැවසූවේ මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැර ඇති හිඟ බදු ගෙවීමට ලබාදී තිබූ කාලය ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් එම කාලයෙන් පසුව බදු නොගෙවනා මත්පැන් නිෂ්පාදකයන්ට නඩු පැවරීමට කටයුතු කරනා අතර එම නිෂ්පාදකයන්ගේ මත්පැන් බලපත්ර අවලංගු කිරීමටද කටයුතු කරනා බවයි.
මේ වනවිට මහා භාණ්ඩාගාරයට හිමිවිය යුතු නමුත් ගෙවා නොමැති හිඟ බදු ප්රමාණය කෝටි 180කි.
බදු ගෙවීම් පැහැර හැර ඇති හෝ ගෙවීමට අපොහොසත් වූ මත්පැන් නිෂ්පාදකයන් සුරා බදු දෙපාර්තමේන්තුවට ඊයේ (2) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී ඔවුනට මෙම උපදෙස් ලබාදී ඇත.
කෙසේවෙතත් මේ වසරේදී උපයා ගැනීමට බලාපොරොත්තු වන සුරා බදු ආදායම රුපියල් කෝටි 23200ක් බවත් මේ වන විට ඉන් රුපියල් කෝටි 16200ක් උපයාගෙන ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව එය රුපියල් 5300 ක වැඩිවීමක් බවත් ඔහු සඳහන් කළේය.