දිලිත් ජයවීර විපක්ෂ නායක පුටුවට.?

මේ වනවිට ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය වටා විශාල වශයෙන් විපක්ෂ දේශපාල​නඥයින් එකතු වෙමින් සිටිති.

විමල් වීරවංශ, උදය ගම්මන්පිළ, ගෙවිඳු කුමාරතුංග දිලුම් අමුණුගම, රොෂාන් රණසිංහ, ඇතුළු තවත් ප්‍රධාන දේශපාල​නඥයින් පිරිසක් මව්බිම ජනතා පක්ෂයේ සාමාජිකත්වය ලබා සිටිනා අතර අද ඒ සඳහා තවත් චරිත දෙකක් එක් විය.

අද (03) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරියක් වන අතර ඇය මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත්කෙරුණි.

මීට අමතරව චමිඳු කුමාරසිංහ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්ක සම්බන්ධීකාරක ලෙසත්, තක්ෂිල ප්‍රේමසිරි මහනුවර, උඩුනුවර සංවිධායකවරයා ලෙසත් පත්කර තිබේ.

සංජීව සුරවීර මහතා මහනුවර, හේවාහැට සංවිධායකවරයා ලෙසත් තක්ෂිලා සෙනෙවිරත්න මහනුවර, යටිනුවර සංවිධායක ලෙසත් තුසිත තිලංක ජයසිංහ මහතා රත්ගම සංවිධායකවරයා ලෙසත් පත්කර ඇත.

Loading