By unusuma.lk on
(LK time)ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැඳුනුම්පතක් ඉදිරිපත් කරමින් කූට ලේඛනයක් ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (04) දින කොළඹ මහාධිකරණයේ දී කැඳවනු ලැබුවෙිය.
ඩයනා ගමගේට එරෙහි නඩුවේ සාක්ෂි ලැයිස්තුවට තවත් සාක්ෂිකරුවකු එක් කිරීමට තීරණය කර ඇති බවත් එබැවින් අදාළ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට රජයේ නීතිඥවරිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා අදාළ සාක්ෂි ලැයිස්තුව සංශෝධනය කිරීමට අවසර දුන්නේය.
මෙම නඩුවේ නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබෙන විත්තිකාරියගේ උප්පැන්න සහතිකයේ මුල් ගොනුව නඩු විභාගය ආරම්භ කිරීමට පෙර පරීක්ෂා කිරීමට තමන්ට අවශ්‍ය බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ශානක රණසිංහ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ඒ අනුව අදාල ගොනුව දැනට පවතින ස්ථානයේ සිට සතියක් තුළ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළ අතර වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස (04) වනදා නඩුව කැඳවීමට නියම කළේය.