By unusuma.lk on
(LK time)හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ තමා සංචාරක රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සිටියදී රජයෙන් ලබාදුන් සියලුම වාහන අබලන් ඒවා බවයි.
සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස තමා රට වටේම ගිය කෙනෙක් බවත් එම බොහෝ අවස්ථාවලදී තමාට ලබාදී තිබූ වාහන මහ මග කඩා වැටුනු බවත් ඇය පවසයි.
එමෙන්ම ඇය පවසන්නේ එම වාහන අලුත්වැඩියා කිරීමට මුවාවී ඇතැම් නිළධාරීන් අසීමිත ලෙස හොරකම් කළ බවට තමා සතුව ශාක්ෂිද පවතින බවයි.