By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකයා ලෙස කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සදහන් කරයි.
විපක්ෂයේ සිටින දේශපාලන පක්ෂ එක්වී නව සන්ධානයක් බිහිකර ගැනීමේ අරමුණින් විවිධ සාකච්ඡා පවත්වමින් ඇති අතර මහ මැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත.
මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ කොන්දේසි හේතුවෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්වී තරග කිරීමට සිදුකළ සාකච්ඡා සියල්ල මේ වනවිට බිඳවැටී ඇත.