By unusuma.lk on
(LK time)මේ වනවිට වෙළඳපොලේ රුපියල් 100කට අලෙවි කරන 500ml ජල බෝතලයක් රුපියල් 70කට ලබාදිය හැකි බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.
රට පුරා සිටින ජාවාරම්කරුවන් හේතුවෙන් ජල බෝතල් විවිධ මිල ගණන් වලට අලෙවි වන බවද මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.
එනිසා වහාම පානීය ජල බෝතල් සදහා පාලන මිලක් පැනවිය යුතු බව මධ්‍යම පළාත් ස්වභාවික ඛනිජ ජලය නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර සදහන් කරයි.
මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ කැඳවුම්කරු සපුමල් කුමාර මේ බව සදහන් කරයි.