By unusuma.lk on
(LK time)තනතුර අතහැර පළාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට ගිනි අවි 8ක් ලබාදී ඇත.
ඒ අනුව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල තුනක් සහ බෝර රිපීටර් පහක් ඇතුළුව ගිනි අවි 8ක් පසුගිය රජයෙන් ලබාගෙන ඇත.
පසුගිය රජය රට පුරා පුද්ගලයින් 1,500කට ගිනි අවි 1,690ක් නිකුත් කළ අතර එම සියලුම පුද්ගලයින්ට නොවැම්බර් (07) වනදා වනවිට සියලු ආයුධ ආපසු ලබාදෙන ලෙස දන්වා ඇත.
එම ගිනි අවි නැවතත් ලබානොදීමට කටයුතු කරන සියලුම පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත.