By unusuma.lk on
(LK time)කොළඹ අපරාධ කොට්ටාසයේ සේවය කළ නිලධාරින් පිරිසක් මේ වනවිට රට හැරයෑමට සූදානම් වන බව වාර්තා වේ.
සංවිධානාත්මකව කර ඇති විවිධ අපරාධ සහ විවිධ පාර්ශවල කොන්ත්‍රාත් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට වැඩ පොලිස්පතිවරයා කටයුතු සැලසුම් කිරීමත් සමග එම නිලධාරින් රට හැරයෑමට සූදානම් වන බව වාර්තා වේ.
අපරාධ කොට්ඨාසය නව අධ්‍යක්ෂවරයෙක් යටතට පත්කර එළඹෙන සතිය තුළම විවිධ අපරාධ සහ විවිධ පාර්ශවල කොන්ත්‍රාත් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට වැඩ බලන පොලිස්පතිවරයා සැලසුම් කර ඇත.
එළඹෙන සතියේ විමර්ශන ආරම්භ කිරීමට සූදානම් හෙයින් එම නිලධාරීන් මේ වනවිට දැඩි ලෙස නොසන්සුන් වී ඇති බවත් ඇතැම් විමර්ශන පිළිබඳ ඉතාම සංවේදී ලේඛන විනාශ කිරීමට උත්සාහ කරන බවද වාර්තා වේ.