By unusuma.lk on
(LK time)රක්වාන පොලිසිය පවසන්නේ රක්වාන රංවලතැන්න වත්තේ පදිංචිව සිටි සෙල්ලපන් බාලක්‍රිෂන් නැමැති අවුරුදු 3ත් 15ත් අතර වයසේ දරුවන් එකොලොස් දෙනකුගේ පියෙක් සිය බිරියගේ සහෝදරයකු එල්ල කළ පොලු පහරකින් මරණයට පත්වී ඇති බවයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙක් වේ. ඔහුට බිරින්දෑවරු දෙදෙනකු සිට ඇති අතර එක් බිරිඳකට දරුවන් 7 දෙනකු සහ අනියම් බිරිඳට දරුවන් 4 දෙනකුද සිටින බව වාර්තා වෙයි.
දැඩි ලෙස බීමතට ඇබ්බැහි වූ පුද්ගලයෙක් වන මරණකරු තම නිත්‍යානුකූල බිරිද සමග ගැටුමක් ඇති කර ගෙන ඇති අතර ඊට මැදි වූ බිරියගේ සහෝදරයකුට ද තියුණු ආයුදයකින් පහරදිමට උත්සහ දරා ඇති බව පැවසේ.
එහිදී සිය ආත්මාරක්ෂාව වෙනුවෙන් බිරිඳගේ සහෝදරයා ඒ අසල තිබූ පොල්ලක් ගෙන මරණකරුගේ හිසට පහර දී ඇත.
පහර කෑ පුද්ගලයා පැය එකහමාරකට පමණ පසු ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු එක්ව රක්වාන රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා කහවත්ත රෝහලටත් පසුව රත්නපුර මහ රෝහලට මාරුකර යවා ඇත.
අනතුරුව රත්නපුර රෝහලේ දින දහයක් පමණ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් (04) දින ඔහු මියගොස් ඇති බව පොලිසිය පැවසීය.