By unusuma.lk on
(LK time)කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී. නිශාන්ත වික්‍රමසිංහ මහතා අද (06) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ මේ වනවිට වෙළඳපොල පවතින අමුද්‍රව්‍ය මිල අනුව බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් පවතින බවයි.
රජය විසින් මේ වනවිටත් කුකුල් කෑම සඳහා යන වියදම අඩු කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් එම වියදම අඩු කරගත් විගස බිත්තරයක මිල රුපියල් 29ත් 30ත් දක්වා අතර මිලකට වෙළෙඳපොළට නිකුත් කළ හැකි බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ වර්තමානයේ බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 32ක 33 ක පමන පිරිවැයක් නිෂ්පාදකයාට දැරීමට සිදුවන අතර ඉන් වැඩි කොටසක් කුකුළු ආහාර සඳහා වැයවන බවත් ය.
කුකුළු ආහාර වියදමින් 80%ක් පමණ රඳා පවතින්නේ බඩඉරිගු මිල මත වන අතර බඩඉරිගු මිල තීරණය වීමේ යම් යම් ගැටලුකාරි තත්ත්වයක් පවතින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට අනුව බිත්තර මිල රුපියල් 29ත් 30ත් අතර තත්ත්වයකට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.