By unusuma.lk on
(LK time)සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පසුගිය දිනක මාධ්‍ය හමුවකදී පවසා සිටියේ මහ මැතිවරණයයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තමා පරාජය කිරීමේ උත්සාහයකක කිසියම් කණ්ඩායමක් නිරතව සිටිනා බවයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු මාධ්‍ය අධ්යක්ෂවරයෙක් සහ වර්තමාන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරනා භාරත තෙන්නකෝන් මහතා ඒ සම්බන්ධයෙන් සුවිශේෂී අනාවරණයක් සිදු කළේය.
ඔහු පවසන්නේ හර්ෂද සිල්වා පරාජය කිරීමට විරුද්ධ පක්ෂ අපේක්ෂකයින්ට අවශ්‍ය බව අමුතුවෙන් පැවසිය යුතු නොවන බැවින් ඔහු මේ පවසන්නේ පක්ෂ අභ්‍යන්තරයෙන් තමාව පැරදවීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වූ කාරණාවක් බවයි.
සජබ අභ්‍යන්තරයේ මේ වනවිට පක්ෂ නායකත්වය සඳහා උගත් බුද්ධිමත් තරුණ නායකත්වයක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැන නැගී ඇති බව ඔහු පෙන්වා දෙයි.
තෙන්නකෝන් මහතාගේ විෂ්ලේශනයේ වැඩිදුරටත් පැවසෙන්නේ සජබ තරුණ මන්ත්‍රීවරු අතර හර්ෂ ද සිල්වා පක්ෂ නායකත්වය සඳහා සුදුසු බවට ඇතිවී තිබෙනා කතාබහ වර්තමාන නායකත්වයට එල්ල වී ඇති අභියෝගයක් බැවින් හර්ෂ ද සිල්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පරාජය කිරීමේ මෙහෙයුමක නියැලී සිටින්නේ අන් කිසිවකු නොව සජිත් ප්‍රේමදාස මහතා බවයි.