මෛත්‍රීට අධිකරණයෙන් අතුරු තහනමක්.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න විසින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, සාරථි දුෂ්මන්ත, ෆයිසර් මුස්තාපා, සරත් ඒකනායක, කේපී ගුණවර්ධන, හෙක්ටර් බෙත්තමගේ විත්තිකරුවන් කරමින් පසුගිය අප්‍රේල් මාසයේදී පැවරු නඩු තුනක් සලකා බැලීම අද සිදු කළේය.

ඒ අනුව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ලේකම්, ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරීම වලක්වමින් හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පක්ෂයේ නියෝජිතයින්ට කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරයා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු විත්තිකරුවන් අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම, විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥවරුන් කරුණු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් නඩුව ඒකපාක්ෂිකව විභාග කිරීමට නියම කළ අතර විත්තිකරුවන්ට එරෙහිව පසුගිය අප්‍රේල් මාසයේදී පැනවූ වාරණ නියෝග තහවුරු කරමින් මෙම අතුරු තහනම නිකුත් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.