By unusuma.lk on
(LK time)පසුගිය රජය යටතේ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියක් සඳහා පෞද්ගලික අංශයට පැවරීම සම්බන්දයෙන් ගත් තීරණය සමාජය තුල වඩාත් කතා බහට ලක්විය.
අද (09) පෙරවරුවේ 150 වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවැති උත්සවය අමතමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසූවේ වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගෙන තිබූ සියලු තීරණ අත්හිටුවීමට කටයුතු කළ බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ නුවරඑළිය තැපැල් කාර්යාලය ඉදිරියටත් රජය සතු වත්කමක් ලෙස පවත්වාගෙන යන බවත් එම ගොඩනැගිල්ල සහ එහි පරිශ්‍රය තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිත කරන බවත් ය.
නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල පසුගිය රජය සමයේ බලහත්කාරයෙන් පවරා ගැනීමට තීරණය කර තිබුනද නව රජයේ ප්‍රතිපත්ති අනුව නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සහ එම භූමිය කිසි විටෙකත් විකිනීමට හෝ පැවරීමකට කටයුතු නොකරනා බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.