තැපැල් ඡන්දය පැවැත්වෙන දින මෙන්න.!

පැවැත්වීමට නියමිත 2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සියලූම කාර්යාල, මැතිවරණ කාර්යාල හා පොලිස් ස්ථාන හා පොලීසියට අදාළ කාර්යාල සඳහා 2024.10.30 සහ 2024.11.04 යන දෙදින සිදුකිරීමට නියමිතය.

අනෙකුත් රජයේ ආයතන හා හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීම නොවැම්බර් 2024.11.01 සහ 2024.11.04 යන දෙදින තුළ සිදුකිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

සලකුණු නොකරන ලද තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා නැවත ලබාදෙන ලකුණු කිරීමේ දිනය ලෙස 2024.11.07 සහ 2024.11.08 යන දෙදින නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.