By unusuma.lk on
(LK time)තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර සමරු තිළිණ පමණක් වන බවත් එවැනි මුද්දර නිකුත් කරනු ලබන්නේ හුදෙක් සිහිවටනක් ලෙස පමණක් බවත් ය.
එමෙන්ම මෙවර ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැතිවරියගේ හෝ විජිත හේරත් අමාත්‍යවරයාගේ රුව සහිත මුද්දර නිකුත් නොකළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
එසේම ඕනෑම පුද්ගලයෙකුට තමා කැමති රුවක් යොදා පුද්ගලකාරක මුද්දර මුද්‍රණය කර ගැනීමේ හැකියාවක් පවතින බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.
විශේෂ අවස්ථාවන් හිදී පුද්ගලකාරක මුද්දර සිහිවටන ලෙස ලබාදීම තැපැල් සංස්කෘතියක් වන බවත් තැපැල් දෙපාර්තමේන්තුව සාම්ප්‍රදායක් ලෙස එම කටයුත්ත දීර්ඝ කළක් තිස්සේ සිදුකරන්නක් බවත් එහි වැඩිදුරටත් සඳහන්.
ලෝක තැපැල් දින ජාතික සැමරුම වෙනුවෙන් ඊයේ (10) අරලියගහ මන්දිරයේ දී පැවැති උත්සවය සඳහා අගමැතිනී හරිනි අමරසූරිය සහ විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතා සහභාගි වූ අතර එහිදී විශ්ව තැපැල් සංගමයේ 150වැනි සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දර නිකුත් කෙරුණු අතර අගමැති හරිනි අමරසූරියගේ සහ අමාත්‍ය විජිත හේරත්ගේ රුව සහිත මුද්දර දෙකක්ද ප්‍රදානය කෙරිණි.
පසුව සමාජ මාධ්‍ය හරහා එම සිදුවීමට වැරදි අර්ථකතනයන් දෙමින් ඇතැම් පිරිස් මඩ ප්‍රචාර ගෙනයන ලදි.