By unusuma.lk on
(LK time)පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී “මම ජීවත්වෙලා ඉන්නකන් අනුර දිසානායක මේ රටේ ජනාධිපති වෙන්න ඉඩ තියන් නෑ” යැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මෙවර මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා බාර දී නොමැති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් අනුර කුමාර ජනාධිපතිවරයා ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ප්‍රසිද්ධියේ දක්නට නොලැබුනු හිටපු අමාත්‍යවරයා මෙවර මහ මැතිවරණයට තරඟ නොකරනා බවට වාර්තා වෙයි.
ඔහු පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ වැද ජයග්‍රහණය කර රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගත් අතර පසුව ඇතිවූ අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා යටතේද ඔහු අමාත්‍ය ධුරයක් දැරුවේය.