By unusuma.lk on
(LK time)හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සරත් ෆොන්සේකා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර ඇත.
මහ මැතිවරණයට මාලිමාවෙන් සහ ගෑස් සිලින්ඩරයෙන් තරග කිරීමට සිදුකළ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් එම තීරණය ගත් බවද සරත් ෆොන්සේකා සදහන් කරයි.
හිටපු මන්ත්රී සරත් ෆොන්සේකා සදහන් කළේ,
“ජනාධිපතිවරණයේදී සජබයේ නායකයා අවසානයේදී ජනතාව විසින් නිසි තැන තැබුවා කියන එක මම විශ්වාස කරනවා. ඒ ගැන මම සතුටු වෙනවා.
මහ මැතිවරණය ගැන අනුර කුමාර දිසානායක මහතා සමග මම ඉතාම කෙටි විනාඩි 10ක පමණ සකච්ඡාවක් කළා. ඒ අයගෙන් ප්රකාශ වුණ මතය තමයි ජනාධිපතිවරණයේදී ඒ අයත් එක්ක නොහිටපු අයට නාම යෝජනා දෙනවට විරුද්ධයි කියන එක අනුර කුමාර දිසානායක මහතා මට පැවසුවා.
ඊළඟට මම හිටපු අගමැතිවරයා සමග සාකච්ඡා කළා, හිටපු ඇමතිවරු එක්ක සාකච්ඡාකළා ගෑස් සිලින්ඩරයේ ඉන්න පිරිසත් සමග ඒ දේශපාලන ගමන ගැන. ආකර්ශනයක් ඇති වුණේ නැහැ. ඒ ප්රතිඵලය අනුව මම තීරණය කළා මේ මැතිවරණයේදී තරග කරන්නේ නැහැ කියලා.”