By unusuma.lk on
(LK time)මේ වනවිට ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා දෙකක් මහජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු සදහා සූදානම් කර ඇති බවත් පුහුණු ලත් ගුවන් සෙබළුන් අවශ්‍ය ඕනෑම මොහොතක කැඳවීමට හැකි බවද ගුවන් හමුදාව සදහන් කරයි.
බියගම, ඉහළගම, කඩුවෙල සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව සදහන් කරයි.
ප්‍රදේශ රැසක් ජලයයෙන් යටවී ඇති අතර එම පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව දිගටම මෙහෙයම් සිදුකරමින් පවතින බවද සදහන් කරයි.