By unusuma.lk on
(LK time)බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ ඊයේ දිනයේ (14) සිරදඬුවම් නියම වූ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනා පස්වරු 06.00 ට පමණ වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආ පසුව ඔවුන් දෙදෙනාට සිරකරුවන්ට ලබාදෙන ජම්පර ලබාදී වැලිකඩ බන්ධනාගාරයේ නවක සිරකරුවන් රඳවා සිටින සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කළ බවයි.
අද දිනයේ ඔවුන් සිරකරුවන් ලෙස ලියාපදිංචි කිරීමෙන් අනතුරුව වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පවුලේ ඥාතීන්ට ඔවුන් බැලීම සඳහා අවස්ථාව පවතින්නේ මසකට එක්වරක් පමණක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දිනයේ මාස 06 ක සිර දඬුවම් නියම කළේ රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියකට අදාළවයි.
එම සිර දඬුවම් නියෝගය නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා වග උත්තරකරුවන් විසින් කොළඹ මහාධිකරණයට යොමු කළ අභියාචනය ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
- 1688 Readers
, 1 Total views