By unusuma.lk on
(LK time)ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ධීවර කර්මාන්තයට සිදුවන බලපෑමට පිළියමක් ලෙස මාස 06ක කාලයකට ධීවර ප්‍රජාව සඳහා විශේෂ ඉන්ධන සහනයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.
ඒ අනුව ඩීසල් ලබාගන්නා ධීවර යාත්‍රා හිමියන් සදහා එක් ඩීසල් ලීටරයකට රුපියල් 25 ක මුදලක් ලැබෙන සේ මාසයකට රුපියල් 300,000 ක් දක්වා වන උපරිමයකට යටත්ව ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ලබාදෙයි.
භූමිතෙල් ලබාගන්නා යාත්‍රා හිමියන් සදහා දිනකට භූමිතෙල් ලීටර 15ක හා මසකට දින 25ක උපරිමයකට යටත්ව රැකියාවේ නිරත වන දිනයන් සඳහා පමණක් සීමා වන පරිදි භූමිතෙල් ලීටරයකට රුපියල් 25 ක ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ දීමනාවක් ලබාදෙයි.
ඩීසල් හා භුමිතෙල්වල මිල සංශෝධනයන් සිදු කරන සෑම අවස්ථාවකදීම ඩීසල් සඳහා උපරිම සහන මිල රුපියල් 250 ක සීමාවකට, භූමිතෙල් සඳහා උපරිම සහන මිල රුපියල් 150 කට යටත්ව මාස 06ක කාලයක් ඩීසල් සදහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 7.5%ක සහනයක්, භූමිතෙල් සඳහා උපරිම වශයෙන් වෙළෙඳපොළ මිලෙන් 12.5%ක සහනයක් හිමි වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.