By unusuma.lk on
(LK time)හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සමගි වනිතා බලවේග ජාතික සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීම පක්ෂ නායකත්වය විසින් ප්‍රතික්ෂේප කළ බව සමගි ජන බලවේග ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කරයි.
සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකාව ලෙස තවදුරටත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කටයුතු කරන බවත් ඉවත්වීම පිළිබඳව දන්වා ඇතත් එම ලිපිය පිළිගැනීමට පක්ෂය සූදානම් නැති බවද රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කරයි.
මහ මැතිවරණයත් සමග ඇය කාර්ය බහුල වීම නිසා සමගි වනිතා බලවේගයේ කටයුතු සඳහා රට වටේ යා නොහැකි නමුත් එහි රජාකාරී තමන්ට බලාගත හැකි හෙයින් හිරුණිකා එම තනතුරේ අඛණ්ඩව කටයුතු කරනු ඇති බවද සදහන් කරයි.
රංජිත් මද්දුම බණ්ඩාර තවදුරටත් සදහන් කළේ,
“අපි ප්‍රේමචන්ද්‍ර මහත්මියගෙන් සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ලෙස දිගටම කටයුතු කරන ලෙස ඉල්ලා සිටියා. ඇය ඊට එකඟ වී තිබෙනවා.
ඒ අතරම ප්‍රේමචන්ද්‍ර මහත්මියට මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී සමගි වනිතා බලවේගයේ කටයුතු කිරීමට නොහැකි වුවහොත් එම කටයුතු අධීක්ෂණය කිරීමට පක්ෂයේ කාන්තා අංශයේ තවත් කාන්තා සාමාජිකාවන් සිටිනවා. ඇය අපේක්ෂකයකු බැවින් කොළඹ දිස්ත්‍රික්කය කෙරෙහි අවධානය යොමු කිරීමට පක්ෂය ඇයට ඉඩ දීලා තියෙන්නේ.”
මාධ්‍ය හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මේ බව සදහන් කරයි.