By unusuma.lk on
(LK time)මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් අනුව ඔක්තෝබර් 14 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික වෙළෙඳ භාණ්ඩ කිහිපයක් සඳහා අය කෙරෙන බදු ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.
එම බදු සංශෝධනය අනුව සම්පූර්ණ සහ පියලි කළ මයිසූර් සහ කහ පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා සත 25ක බද්දක්ද පනවා තිබේ.
ඊට අමතරව උම්බලකඩ සහ ඊට ආදේශක භාණ්ඩ සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 302ක ලෙස විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් ද පනවා ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.
ඊට අමතරව කටු ගැලවූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, අලුත් හෝ ශීතකළ මසුන් සඳහා 10%ක් හෝ කිලෝග්‍රෑමයට රු.400 යන දෙකෙන් ඉහළ අගයක් වන බදු ප්‍රමාණයක් ද පනවා තිබේ.