By unusuma.lk on
(LK time)හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට අදාළව විභාගවන නඩුවේ තුන්වන විත්තිකරු ලෙසට ඉදිරි නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.
අදාළ නඩුව ඊයේ (25) දිනයේ කැදවූ අතර තමන් අසනීප තත්ත්වයෙන් පසුවන බවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අමෙරිකාවේ සිට වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ජර්මන් ජාතිකයෙකුගෙන් අදාළ ඉඩම මිලදී ගෙන ඇත්තේ බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ කැනඩාවේ වෙසෙන සහෝදරියකගේ නමින් වන අතර අදාළ ඉඩම මිලදී ගත් ආකාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරා ඇත.
කෙසේ වෙතත් එම මුදල් ලැබී ඇති ආකාරය නිශ්චිතව සනාත කිරීමට ඔවුන් අපොහොසත් වීම හේතුවෙන් මෙම නඩුව පවරා ඇති අතර ඉදිරි නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට බැසිල් රාජපක්ෂට අධිකරණය විසින් නියෝග කළේය.