ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ යටි අරමුණ පාස්කු ප්‍රහාරය.? චැනල් 4 වැඩසටහන බොරුවක්.!

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව ඉදිරිපත් කළ ආන්දෝලනාත්මක වැඩසටහනේ ඇතුළත් කරුණු ව්‍යාජ ඒවා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කරයි.

හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කළේ,

“මේ චැනල් 4 වැඩසටහනේදී අසාද් මව්ලානා කියන පුද්ගලයා අපේ බුද්ධි අංශවලට බරපතළ චෝදනා ගණනාවක්ව නගනවා. මේ චෝදනා අතුරින් ප්‍රධානතම චෝදනාව වන්නේ 2018 පෙබරවාරි මාසයේදී අපේ බුද්ධි අංශ මේ පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් සහරාන් නැමැති මරාගෙන මැරෙන කණ්ඩායමත් සමග පැය 3කට අධික සාකච්ඡාවක් සිද්ධ කළා කියන කාරණය.

ඒ චෝදනාව එල්ල කරන්නේ අසාද් මව්ලානා කියන පුද්ගලයා. මේ අසාද් මව්ලානා කියන විදියට සහරාන් සහ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා වෙලා හිටපු සුරේෂ් සලේ පසුව ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා වෙලා හිටිය සුරේෂ් සලේ සහ සහරාන් අතර හමුව සිද්ධ වෙන්නේ 2018 පෙබරවාරි මාසේ. මේ හමුව සංවිධානය කරන්නේ චැනල් 4 නාලිකාවට මේ ප්‍රකාශය කරන අසාද් මව්ලානා. මේ හමුව සිදුවන්නේ පුත්තලම වනාතවිල්ලුවේ සහරාන්ලට අයත්ව තිබු පොල්වත්තක තිබු නිවසක කියන එක.

මේ කියන සුවිශේෂි ස්ථානයේම තමයි 2019 ජනවාරි මාසේ CID ගිහිල්ලා 100 Kgකට අධික පුපුරණ ද්‍රව්‍ය සොයා ගන්නේ කියලත් අසාද් මව්ලානා සඳහන් කරනවා. 2018 පෙබරවාරි මාසේ වනාතවිල්ලුවේ සහරාන්ට අයත්ව පොල් ඉඩමේ තිබූ නිවසේ දී සුරේෂ් සලේ, සහරාන් ඇතුළු කණ්ඩායම මුණගැහිලා පාස්කු ප්‍රහාරය සැලසුම් කළා කියන එක තමා අසාද් මව්ලානාගේ චෝදනාව.

2023 සැප්තැම්බර් (05) වනදා චැනල් 4 නාලිකාව විකාශනය කරපු ශ්‍රී ලංකා ඉස්ට බෝම්බිං කියන වැඩසටහනෙන් නගන චෝදනාව තමයි බෞද්ධ නායකයෙක් ජනාධිපතිකර ගන්න ඉස්ලාම් තරුණයන් පිරිසක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් කතෝලික පල්ලිවලට එල්ල කළා කියන කාරණය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයට ගෙන ඒමේ යටි අරමුණින් පාස්කු ප්‍රහාරය කළේ අපේ හමුදා බුද්ධි අංශ කියලා ඉතාම බරපතළ චෝදනාවක් නගනවා.

ඒ චෝදනාවල ඇත්ත නැත්ත සොයා බලන්න විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි. ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. මේ පත්කළ කමිටුවට කාදිනල් තුමන් හෝ මාලිමාවේ නායකයන් හෝ වෙනත් පාර්ශවයක් විසින් කිසිදු විරෝධයක් ඉදිරිපත් කළේ නෑ. 

මේ චැනල් 4 නාලිකාවේදී අසාද් මව්ලානා කියන පුද්ගලයා අපේ හමුදා බුද්ධි අංශවලට බරපතළ චෝදනාවක් කිහිපයක්ම නගනවා. ප්‍රධානතම චෝදනවා වන්නේ 2018 පෙබරවාරි මාසේ වනාතවිල්ලුවේ සහරාන්ට අයත්ව පොල් ඉඩමේ තිබූ නිවසේ දී සුරේෂ් සලේ, සහරාන් ඇතුළ කණ්ඩායම මුණගැහිලා පාස්කු ප්‍රහාරය සැලසුම් කළා කියන එක. 

මේ කමිටුව විමර්ශන කිරීමේදී හරි අපූරු දෙයක් හොයා ගන්නවා. මේ ඉඩමේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගන්න අවස්ථාවේ දී දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නවා. එයින් කෙනෙක් තමයි හනිෆා මුෆීස් කියන්නේ. මෙයාගෙන් ප්‍රශ්න කරද්දි ඔහු කියනවා මේ ඉඩමේ තියන නිවස තාවකාලික වගේ නිවසක් ඉදිකරන්නේ අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වගේ කියලා.

එහෙමනන් මවුලානා කියන විදියට සුරේෂ් සලේ සහ සහරාන් ඇතුළු කණ්ඩායම හමුවේ සාකච්ඡා කරා කියන 2018 පෙබරවාරි මාසයේදී මේ ඉඩමේ කිසිම නිවසක් තිබුනේ නෑ. ඒකෙන්ම අසාද් මව්ලානා කියන එක පට්ටපල් බොරුවක් කියන එක ඔප්පු වෙනවා. සුරේෂ් සලේ 2016 නොවැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වාම සේවය කරන්නේ බුද්ධි අංශවලින් බැහැර වෙලා මැලේසියිවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ. 

ඒ කාලය තුළ ඔහු ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ 2017 නොවැම්බර් මාසයේ දී පමණයි. ඉතාම වැදගත් දේ තමයි. සාක්ෂි ලබාදෙන පොලිස් නිලධාරීන් තහවුරු කරනවා 2018 පෙබරවාරි මාසේ සෑම දිනකදීම සහරාන් ඇතුළු කණ්ඩායම ජීවත් වුණේ, මඩකලපුව සහ අම්පාර කියන දිස්ත්‍රික්ක තුළ පමණයි.

ඔවුන් නැගෙනහිර පළාතෙන් කිසිම දිනක පිටතට අවේ නැහැයි කියන එක ජංගම දුරකථන සංනිවේදන කුළුණු හරහා තහවුරු කරගෙන තියෙනවා. කමිටුවේ නිගමනය වෙන්නේ අසාද් මව්ලානා චැනල් 4 නාලිකාවට ගිහිල්ලා තමන් උපන් මව්බිම ගැන මහා ලොකු බොරුවක් වැපිරුවේ ස්විස්ටර්ලන්තයේ සරණාගතයෙක් වීමට අවශ්‍ය පසුබිම හදාගන්නයි.”

අද (28) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිල මේ බව සදහන් කරයි.

Loading