ජනතාවට බොරු පොරොන්දු දුන් රනිල්ට අගමැතිනිගෙන් පිළිතුරු.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට කැබිනට් තීරණයක් ගත් බවට ප්‍රකාශ කළද එය ජනතාව නොමග යවන බොරු පොරොන්දුවක් බව අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළේ,

“දැන් රනිල් වික්‍රමසිංහ කිව්වට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වර්ධනය කිරීමට තීරණයක් ගත්තා කියලා අපි ඒ කැබිනට් සාකච්ඡාවේ කැබිනට් තීරණය බලනකොට භාණ්ඩාගාරයෙන්වත් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන්වත් අනුමැතියක් අරගෙන නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ.

තීරණය ප්‍රකාශ කළා, නමුත් තීරණය ක්‍රියාත්මක කිරීමට කරන්නට ඕනේ කොටස කරලා නෙමෙයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. එතකොට ඒකෙන් මොකක්ද කියන්නේ. ඒක ඉතාමත්ම පැහැදිලිව ජනතාව නොමග යවන්න මැතිවරණ කාලයක් තුළ දුන්න බොරු පොරොන්දුවක්.”

ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments