By unusuma.lk on
(LK time)පැවැත්වීමට නියමිත 2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර උසස් පෙළ අපේක්ෂක සිසුන්ට දැනුම් දෙයි.
2024 අ.පො.ස උසස් පෙළ නොවැම්බර් (25) වැනිදා සිට දෙසැම්බර් (20) වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බවත් උසස් පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර ඉතා ඉක්මනින් අපේක්ෂකයින් අතට පත්කිරීමට නියමිත බවද විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.
උසස් පෙළ දරුවන් අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින පිළිබඳ අවිනිශ්චිතභාවයක් ඇතිව තිබෙන බවත් උසස් පෙළ විභාගය පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් විශාල වශයෙන් වැරදි ප්‍රචාරයන් සිදුකරන බව පෙනී යන බවද විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.
සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්රචාරයන්ට නොරැවටෙන ලෙසද විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා සිසුන්ට දැනුම් දෙයි.
ඒ අනුව අ.පො.ස උසස් පෙළ විභාගය කල්දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් අපේක්ෂකයින්ගේ මානසිකත්වය වඩා හොඳින් පවත්වා ගන්නා ගෙන විභාග සඳහා පෙනී සිටින ලෙසද විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.
මෙවර උසස් පෙළ සඳහා විෂයන් 64ක් යටතේ අයදුම්කරුවන් 333,185 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවත් ඉන් පාසල් අයදුම්කරුවන් 253,390ක් සිටින බවත් පෞද්ගලික අයදුම්කරුවන් 79,795ක් අයදුම් කර ඇති බවද විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.