By unusuma.lk on
(LK time)අ.පො.ස උසස් පෙළ විභාගය 25 වැනිදා ආරම්භ වේ. විභාග කාලසීමාව තුළ උපකාරක පන්ති, සම්මන්ත්රණ හා වැඩමුළු 19 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. නීති උල්ලංඝනය කරනා අයට විරුද්ධව දැඩි පියවර ගැනීමට නියමිතයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සම්බන්ධ වූ දේශන, උපකාරක පන්ති, වැඩමුළු සහ සම්මන්ත්රණ ලබන 19 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව දන්වා තිබේ. මෙම උපදෙස් උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් දෙපාර්තමේන්තුව අනතුරු අගවයි.
මේ අතර, විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට විශේෂ අවධානයක් යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුවේ වැඩිදුරටත් පවසයි.
අදාල තීරණ පසුගිය කාලසීමාව තුළ ඇතිවූ විවිධ ගැටලු සලකාබලා ගනිමින් ගෙන ඇති අතර, මෙවර උසස් පෙළ විභාගය ලබන 25 වැනිදා ආරම්භ වී දෙසැම්බර් 20 දා දක්වා පැවැත්වීමට නියමිතය.
විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 2,312 හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319 නම් කර ඇති අතර, මෙවර විභාගයට පෙනී සිටින සිසුන්ගේ සංඛ්‍යාව 333,183ක් වේ.
එම සිසුන්ගෙන් 253,390ක් පාසල් අයදුම්කරුවන් වන අතර, 79,795ක් පෞද්ගලික අයදුම්කරුවන් වේ.