ඉතිහාසයේ පළමු වතාවට මාලිමාවෙන් පාර්ලිමේන්තු යන දෑස් නොපෙනෙන සහෝදරයා.!

මෙරට ඉතිහාසයේ පළමු වරට දෘශ්‍යාබාධිත පුද්ගලයෙක් ලක්ෂ 17ක රටේ විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව නියෝජනය කරමින් ජාතික ජන බලවේග පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත.

ඒ අනුව ජාතික ජන බලවේග පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ, ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත උපාධිධාරී කවුන්සිලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා ය.

ඔහු 1990 වසරේ කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වී සිංහල, දේශපාලන විද්‍යාව සහ ඉතිහාසය ඉගෙන ගෙන ප්‍රථම පන්ති උපාධි සාමාර්ථයක් සමග 1994 වසරේදී උපාධිය සම්පූර්ණ කිරීමට සමත් විය.

ප්‍රථම උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව සුගත් වසන්ත ද සිල්වා කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුශාසක කාර්යාලයේ සේවය කළ අතර පසුව 1999 වසරේ සිට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සමාජ සේවා නිලධාරියෙකු ලෙස වසර 25ක කාලයක් සේවය කළේය.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments