By unusuma.lk on
(LK time)හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දෙන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලද පරාජය හමුවේ ඔවුන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සදහා දිනේෂ් ගුණවර්ධන සහ රවී කරුණානායක පත්කිරීම සදහා යෝජනා වී ඇත.
එහෙත් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සදහා දිනේෂ් ගුණවර්ධන සහ රවී කරුණානායක පත්කිරීමේ යෝජානවට බහුතර කැමැත්ත නොමැති බවත් බහුතරයක් එම තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එවන් පසුබිමක එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී රනිල් වික්‍රමසිංහට සහය පළ කළ පිරිසක් එම යෝජනාවට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති අතර එම ජාතික ලෑස්ති මන්ත්‍රී ධූර දෙක සදහා තරුණ දේශපාලකයන්ට දෙන ලෙසට ඔවුන් යෝජනා කර ඇත.
කෙසේ වෙතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඇතුලේ උද්ගතව ඇති මෙම තත්ත්වය හේතුවෙන් හිමිව තිබෙන ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයන්ට දෙදෙනෙක් නම් කිරීම දින කිහිපයකට කල් යනු ඇති බව වාර්තා වේ.