By unusuma.lk on
(LK time)මේ වනවිට උද්ගතවූ ගැටලු හේතුවෙන් සහකාර ශාලාධිපති ඇතුළු නිරීක්ෂණ ගුරුවරුන්ට අ.පො.ස උසස් පෙළ විභාග ශාලා වෙත ජංගම දුරකථන රැගෙන යාම තහනම් කළ බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
කෙසේ වෙතත් විභාග ශාලා වෙත ජංගම දුරකථන රැගෙන යාමට අවසර හිමි වනුයේ විභාග ශාලාධිපතිට සහ අතිරේක අධීක්ෂණ ශාලාධිපතිට පමණක් බවද විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ අතර අ.පො.ස උසස් පෙළ විභාග කටයුතු පැවැත්වෙන කාලය තුළ විභාග කටයුතු අධීක්ෂණය සදහා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අමතරව පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් යොදා ගැනීමට නියමිතව ඇත.