සජබ ලොකු පුටුවට නම් 3ක් යෝජනා වෙයි.. තීරණය 21ට පෙර.!

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සඳහා සමගි ජන බලවේගයෙන් අජිත් පී. පෙරේරා, ගයන්ත කරුණාතිලක, හා සුජීව සේනසිංහ යන මන්ත්‍රිවරුන්ගේ නම් යෝජනා වී තිබේ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් පී. පෙරේරා, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ගයන්ත කරුණාතිලක, සහ ජාතික ලැයිස්තුවෙන් පත්වීමට නියමිත බව සඳහන් වන සුජීව සේනසිංහ යන මන්ත්‍රිවරුන් ඒ අතර වේ.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ අදහස නම්, වඩා සුදුසුකම් ඇති මන්ත්‍රිවරයාට මෙම ධූරය භාර දිය යුතු බවයි.

2010 – 2014 කාලය තුළ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ලෙස සහ 2015 – 2019 කාලයේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ලෙස කටයුතු කළ අජිත් පී. පෙරේරා එම ධූරය සඳහා සුදුසුකම් ඇති බවට පක්ෂ නායකත්වය දැනටමත් දැනුම් දී ඇති බව පක්ෂ ආරංචි මාර්ග පැවසීය.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම 21 වනදා පැවැත්වීමට නියමිත අතර, එම දිනට පෙර සමගි ජන සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී අවසන් තීරණයක් ගැනීමට සැලසුම් කර ඇත.

Loading