උන් හිටිතැන් අහිමි වු රාජිත මන්ත්‍රී අසුනට පොරකයි.!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ රෝහිත අබේගුණවර්ධනට වඩා තමාට මනාප ඡන්ද හිමිවිය යුතු යැයි හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්න තම පාක්ෂිකයින්ට පවසා ඇති බව වාර්තා වේ.

මහ මැතිවරණයේ කලුතර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී රාජිත සේනාරත්නට සැකයක් ඇති බැවින් නැවත මනාප ඡන්ද ගණන් කිරීම සදහා තීරණයක් ගැනීමට අදහස් කර ඇතැයිද වාර්තා වේ.

කලුතර දිස්ත්‍රික්කයේ තම පාක්ෂිකයන් 8000කට පමණ රාජිත සේනාරත්න රැකියා ලබාදී ඇති බවත් එලෙස රැකියා ලබාදුන් පුද්ගලයින් පවා මෙවර මහ මැතිවරණයේදී ඔහුට මනාප ලබාදි නොමැති බව වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments