By unusuma.lk on
(LK time)ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ හිටපු බොහෝ දේශපාලකයන්ට ඉදිරියේදී වැලිකඩ සෙල්ලම් පාර්ලිමේන්තුවක් හදාගන්න පුළුවන් වනු ඇති බවයි.
මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව හරහා බොහෝ නඩු ගොනු කර තිබෙන බව කී ජනාධිපති අනුර දිසානායක මහතා ක්‍රිෂ් නඩුවද එවැන්නක් බව සඳහන් කළේය.
මාතර බ්‍රවුන්ස් හිල් නඩුවද ඉතා ඉක්මනින් පැවරෙනු ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් දේශපාලකයන් ඥාතීන්ගේ නමට බ්‍රවුන්ස් හිල් වල ඉඩම් ගෙන තිබෙන අතර ඉඩම් මිලදී ගැනීම සඳහා සල්ලි සොයා ගත් ආකාරය ඔවුන්ට හෙළි කරන්නට බැරි වී තිබෙන බවද සඳහන් කළේය.
මාතර ප්‍රදේශයේ ජනහමුවක් අමතමින් ජනපතිවරයා මේ බව පැවසීය.