උසස් පෙළ විභාගය නැවත පවත්වනවාද යන්න පිළිබඳ අවසන් තීරණයක්.!

දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් උසස් පෙළ විභාග තාවකාලිකව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කළේය.

පසුගිය දිනවල ඇදහැළු ධාරානිපාත වර්ෂාව සහ රට පුරා විවිධ ප්‍රදේශවල ඇති වූ ගංවතුර තත්ත්වයන් හමුවේ මෙම තීරණය ගනු ලැබීය.

ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, විභාග කටයුතු නැවත ආරම්භ කරනවාද යන වග සම්බන්ධයෙන් එළඹෙන 29 වැනිදා වන විට තීරණයක් ගන්නා බවයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, කාලගුණික තත්වය සහ රට පුරා පවතින තත්ත්වය අනුව විභාග කාලසටහන නැවත සකස් කිරීමට පියවර ගන්නා බවයි.!

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.