By unusuma.lk on
(LK time)මාර්තු 21 වන දින දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපස සිංහාසන මාර්ගයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කළ අතර එම සිද්දියට අදාළව අවශ්‍ය කර සිටි ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වෙඩික්කරු බවට හඳුනාගෙන ඇති අතර ඊයේ (07) එම සැකකරුවන් ගන්දර පොලිස් ස්ථානයට නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසයි.
අදාළ සැකකරුවන් අවුරුදු 26 සහ 35 වයස්වල පසුවන ගන්දර සහ දෙවිනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.