ලොවම බියෙන් සලිත කරවන මාරාන්තික නියෝගයක් පුටින්ගෙන්.!

රුසියාවේ න්‍යෂ්ටික අවි ගබඩාවේ ඇති වඩාත් විනාශකාරී අවියක් ලෙස සැලකෙන “සාතන් 2” අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය යුද්ධය සඳහා සූදානම් කරන ලෙස රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් හදිසි නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම මාරාන්තික මිසයිලයට පැයට සැතපුම් 16,000ක පමණ වේගයෙන් ගමන් කිරීමේ හැකියාව ඇති අතර, එක්සත් රාජධානිය ඇතුළු බොහෝ බටහිර රටවලට කෙටි කාලයක් තුළ ළඟා විය හැකිය. තවද, එකවර න්‍යෂ්ටික යුද ශීර්ෂ 15ක් දක්වා රැගෙන යා හැකි බැවින්, එහි විනාශකාරී බලය අතිමහත් ය.

රුසියාවේ මූලෝපායික මිසයිල බලකායේ ප්‍රධානියා වන කර්නල් ජෙනරාල් සර්ගෙ කරකායෙව් මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ජනාධිපතිවරයාගේ නියෝගය අනුව මෙම මිසයිලය යුද්ධය සඳහා සූදානම් කිරීමේ කටයුතු කඩිනමින් සිදුවන බවයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී සිදු කළ මෙම මිසයිලයේ පරීක්ෂණය අසාර්ථක වීමෙන් පසු, එය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා රුසියාව දැඩි උත්සාහයක් දරන බව විශ්ලේෂකයෝ පවසති.

ඇමෙරිකාව විසින් ලබාදුන් මිසයිල භාවිත කරමින් රුසියාවේ අභ්‍යන්තරයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස යුක්රේනයේ දිනිප්‍රෝ නගරයට රුසියාව පසුගිය සතියේදී න්‍යෂ්ටික නොවන අන්තර් මහද්වීපික මිසයිල භාවිත කරමින් ප්‍රහාරයක් එල්ල කළ අතර එම තර්ජනය තවත් දැඩි කරමින් රුසියානු ජනපතිවරයා මෙම නියෝගය ලබාදී ඇත.

රුසියාව මේ වනවිට යුක්රේනයට ලබාදුන් අවි භාවිත කරමින් රුසියාව අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීමට අවසර ලබාදුන් රටවලට අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙන අතර එක්සත් රාජධානියද තමන් ඕනෑම මොහොතක රුසියාව සමග යුද්ධයකට සූදානම් බවට පසුගියදා ප්‍රකාශ කළේය. තෙවැනි ලෝක යුද්ධයේදී භාවිත කිරීම සඳහා “සාතන් 2” මිසයිලයට පණ දීමට නියෝග කර ඇත්දැයි සැකයක් පවතින බව නියෝගය පිළිබඳ අදහස් දක්වමින් යුද විශ්ලේෂකයෝ මත පළ කළහ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.