ශ්‍රී ලාංකිකයන්ට ජපන් තෑගි ලැබෙයි.!

ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමරිකානු ඩොලර් මිලියන 8.4ක වටිනා උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. මෙම උපකරණ රටේ සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනයේ මැදිහත් වීමෙන් කටුනායක ගුවන්තොටුපළට ලබා දීම අද (29) සිදු විය.

ගුවන්තොටුපළේ ගෝල්ඩ් රූට් පර්යන්තයේදී මෙම උපකරණ ගුවන් තොටුපොළ නිලධාරීන්ට භාර දෙන ලදී. ගිලන් රථ, කසළ ප්‍රවාහන ට්‍රක් රථ, නවතම සී.- 2 තාක්ෂණයෙන් යුතු ගුවන් මගීන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේ පරිලෝකන යන්ත්‍ර , ගුවන් භාණ්ඩ පරීක්ෂා කිරීමේ යන්ත්‍ර, වැසිකිළි පද්ධති, වෛද්‍ය උපකරණ, ආගමන විගමන නිලධාරීන් සඳහා විද්‍යුත් ආගමන විගමන කවුළු, ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේ යන්ත්‍ර සහ තොරතුරු ප්‍රදර්ශන පුවරු යනු මෙම උපකරණ අතර වේ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපාන නියෝජ්‍ය තානාපති කමොෂිඩා නවොඅකි, ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සඳහා වූ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන්ත කුළසේකර, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් චීෆ් මාෂල් හර්ෂ අබේවික්‍රම, කටුනායක ගුවන් තොටුපොළ තොරතුරු තාක්ෂණික අංශ ප්‍රධානී උදය ලොකුආරච්චි, ගුවන් තොටුපොළ කළමනාකරණ ප්‍රධානී අරුණ රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.