By unusuma.lk on
(LK time)රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට සමගාමීව මෙවර අයවැය අයවැය යෝජනා මඟින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට යෝජනා කර ඇත.
ඒ අනුව ජාතික අවම මාසික චේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත් ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජාතික අවම මාසික චේතනය සහ ජාතික අවම දෛනික චේතනය සංශෝධනය කිරීමටත් ඊට අදාළ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටත් කම්කරු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
2025.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500 සිට රුපියල් 27,000 දක්වා රුපියල් 9,500කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම.
2025.04.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 සිට රුපියල් 1,080 දක්වා රුපියල් 380කින් ඉහළ නැංවීම.
2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා රුපියල් 3,000කින් ජාතික අවම මාසික වේතනය ඉහළ නැංවීම.
2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම දෛනික වේතනය රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා රුපියල් 120කින් ඉහළ නැංවීම.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සදහන් කරයි.