වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට නුසුදුසු මට්ටමක.!

දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාතයේ ගුණාත්මක භාවය තරමක් අහිතකර මට්ටම් කරා ළඟා වීමට හේතු වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් යාපනය සහ බදුල්ලේ වාතයේ ගුණාත්මක භාවය සෞඛ්‍යයට නුසුදුසු මට්ටමක් තෙක් වර්ධනය වී ඇති බව සදහන් කරයි.

දඹුල්ල, යාපනය, කුරුණෑගල, මුලතිව්, කොළඹ, පොලොන්නරුව, නුවර, වව්නියාව, හම්බන්තොට ප්‍රදේශවල වායුගෝලිය ගුණාත්මකභාවය සුළු වශයෙන් අඩුවී ඇති අතර බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය (SL AQI) සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතියේය.

කොළඹ ඇතුළු දිවයිනේ ‌බොහෝ ප්‍රදේශවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් (30) දිනය තුල වායු ගුණ තත්ත්ව දර්ශකය 92 – 120ත් අතර අගයක් පැවැතිය බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

පවතින කාලගුණික තත්ත්වය හා උතුරු පෙදෙසින් පැමිණෙන දේශ සීමා ව්‍යාකුල තත්ත්වය හේතුවෙන් වායුගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර තත්ත්වයක් තෙක් පැමිණිය හැකි බවද එම පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

ජනතාවට හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය අජිත් ගුණවර්ධන ජනතාවට දැනුම්දීමක් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.