By unusuma.lk on
(LK time)මුදල්, ක්‍රම සම්පාදන සහ අර්ථික සංවර්ධන අමාත්‍යංශය පසුගිය දිනවල රට තුළ ඉහළ ගොස් ඇති ලොකු ලූණු මිල ස්ථාවර කිරීමේ අරමුණින් විශේෂ පියවරක් ගෙන තිබේ. ඒ, ආනයනික ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සැලකිය යුතු ලෙස අඩු කිරීමයි.
අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයකට අනුව, පසුගිය නොවැම්බර් 30 වැනිදා සිට මෙම මස 31 වැනිදා දක්වා කාලය තුළ ආනයනික ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 30 සිට රුපියල් 10 දක්වා අඩු කර ඇත.
මෙම බදු සහනය හරහා දේශීය වෙළෙඳපොළට ලොකු ලූණු ලබාදීම පහසු කිරීමටත්, ඒ සමඟම දේශීය ගොවීන්ට සහ පාරිභෝගිකයින්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමටත් අපේක්ෂා කෙරේ.
මෙම තීරණය ගැනීමේදී දේශීය ගොවිජනතාවගේ අවශ්‍යතා සහ පාරිභෝගිකයින්ගේ මිල ස්ථාවරතාවය සඳහා ඇති ඉල්ලුම යන දෙකම සමතුලිත කිරීමට අමාත්‍යංශය කටයුතු කර ඇති බව අමාත්‍යංශය පවසයි.