පොලිස් අත්අඩංගුවේදී මරණයට පත් තරුණයාගේ මෘත ශරීරය ගොඩගන්නැයි නියෝග.!

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත් වූ තරුණයාගේ මෘත ශරීරය ගොඩගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය.

අනතුරුව විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කමිටුවක් මඟින් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද අධිකරණය විසින් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළේය.

මෙම මරණය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments