By unusuma.lk on
(LK time)කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළේය.
ඒ අනුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද (09) දින මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන අප්‍රේල් මස (21) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
තවද අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති තවත් තිදෙනෙකු එළඹෙන අප්‍රේල් (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.